අතහැර දමා ඇති වී ගබඩා නිරීක්ෂණයට වෙළඳ ඇමති යයි – කඩිනමින් නවීකරණය කිරීමට උපදෙස්

වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණය නිරීක්ෂණය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ එක වුණා.

මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවකින් යුතු වල්වැදී ඇති මෙම ගබඩා සංකිර්ණය, ඉදිරි මහ කන්නයේ අස්වනු මිලදීගෙන ගබඩා කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් නවීකරණය කර කඩිනමින් පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

මෙම ගබඩා නැවත භාවිතයට ගැනීම සඳහා පිළිසකර කිරීමට ස්වෙච්ඡා සංවිධාන එකමුතුවක් නොමිලේ තම ශ්‍රම දායකත්වය ලබාදීමට මෙහිදී කැමැත්ත පළකර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා මැඳිරිගිරිය ධාන්‍ය සුරක්ෂිත මධ්‍යස්ථානය සහ ගබඩාව පරීක්ෂා කිරීමට ද එක් වුණා.

මෙට්‍රික් ටොන් 3000ක ධාරිතාවයකින් යුත් මෙම ධාන්‍ය සුරක්ෂිතාගාරය නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඵලදායි අයුරින් යොදාගැනීමට අදාල ක්‍රමවේදයන් සකස් කිරීමටත්, ඉදිරියේ දී වැඩි අස්වනු ප්‍රමාණයක් ගබඩා කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙසත් එහිදී අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

මෙම අවස්ථාවන් සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුලු ආයතනයේ සේවක පිරිසක්ද, සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති, ආහාර කොමසාරිස්වරයා, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වුණා.

මේ අතර අමාත්‍යවරයා වී මෙට්‍රික් ටොන් 40000 කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි සිලින්ඩරාකාර ගබඩා 22 කින් සමන්විත ගල්ගමුවේ විශාලතම රජයේ වී මෝල් ගබඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා ද එක් වුණා.

වීවල නියමිත වියළි මට්ටම රඳවා තබා ගත හැකි පරදි යන්ත්‍ර වලින් සමන්විත මෙම වී මෝල් ගබඩා සංකීර්ණය වර්ෂ 1977 සිට අතහැර දමා ඇති අතර, නැවත භාවිතයට ගත හැකි පරිදි නඩත්තු කටයුතු සිදුකර, රටේ නැවත සහල් හිඟයක් ඇති නොවීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය මූලික ඉදිරි සැලසුම් කටයුතු සිදුකිරීමට ඔහු විසින් උපදෙස් ලබා දෙන දුන්නා.

මෙම ගබඩා නිරීක්ෂණය සඳහා කේෂ්ත්‍රයේ පළපුරුදු ඉංජිනේරුවරුන් පිරිසකගේ ද සහභාගීත්වයක් එහිදී සිදු වුණා.

ඉදිරි දින කිහිපය ඇතුළත මෙම වී ගබඩා සංකීර්ණයද නැවත ගොඩ නැංවීම සඳහා අවශ්‍ය වන ඇස්තමේන්තු කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත්, නොබෝ දිනකින්ම මෙම ගල්ගමුවේ විශාලතම රජයේ වී ගබඩා සංකීර්ණය රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් පණ ගැන්වීමට අදාළ කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17