අතවර කරන්න ආ පුද්ගලයාට කාන්තාවකගෙන් අමතක නොවන පාඩමක්

අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුගේ දිවේ කොටසක් සපා කඩාගෙන පොලිසියට ගිය කාන්තාවක් පිලිබඳ පුවතක් ප්‍රංශයෙන් වාර්තා වනවා.

57 හැවිරිදි ප්‍රංශ ජාතික මෙම කාන්තාව නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග පසුගිය මස 19 ඉරිදා අලුයම 4 ට පමණ මාර්ගයේ ඇවිදිමින් සිටියදී යි මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ.

තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරු එකවර පැමිණි තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බව එම කාන්තාව ප්‍රකාශ කර තිබෙනවා.

තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව තමාගේ දත්වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව පවසා ඇත්තේ.

පසුව නිවසට පැමිණ සිය පුත්‍රයාට දැනුම් දුන් බවත් පසුව අතවර කිරීමට පැමිණි පුද්ගලයාගේ දිවෙන් කඩා ගත් කොටස පොලිසිට බාරදී සිදුවීම ගැන පැමිණිලි කිරීමට ඇය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බ්‍රිතාන්‍යය පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත්ඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටියුනිසියානු ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර වාර්තා අනුව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා නීතිවිරෝධී සංක්‍රමණිකයෙකු වන අතර සිද්ධියට අදාළ නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පිටුවහල් කරනු ඇති බව සඳහන්.

මෙවැනි අපචාර සිදුවීම්වල දී අපචාරකයන්ගේ සිරුරු කොටස් සපා දැමීම හෝ කපා දැමීම සම්බන්ධයෙන් මීට පෙර ද තොරතුරු වාර්තාවී තිබෙනවා.

පසුගිය 2022 වසරේ ඉන්දියාවේ කාන්තාවක් තම 14 හැවිරිදි දියණිය දූෂණය කිරීමට උත්සාහ කළ අයෙකු අල්ලා ගෙන ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දමා තිබුණා. 36 හැවිරිදි එම කාන්තාව මත්පැන්වලට ඇබ්බැහි වූ සැමියෙකුගෙන් වෙන්වී වසර දෙකක් සිය පෙම්වතා සමඟ ජීවත් වී ඇති බවයි වාර්තා වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53