අතර මඟදී හමුවූ මව්ලවිවරයෙක් නිවසට ගෙන්වාගෙන අඩ නිරුවත් කරලා – අඹුසැමි යුවළක් අත්අඩංගුවට

මහ මඟදී හදුනාගත් මව්ලවිවරයෙකු නිවසට කැඳවා ඔහුව අඩ නිරුවත් කර ඔහුගේ වීඩියෝ දර්ශන ලබාගැනීමෙන් පසු ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 35 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක්.

මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් ඉකුත් මැයි මස 30 වනදා පුත්තලම කලපුව ආසන්නයේ රැදී සිටින අවස්ථාවේ එහි පැමිණි අඹුසැමි යුවළක් ඔහු සමඟ සුහදත්වයක් ගොඩනගාගෙන තිබෙනවා.

පසුව ඔවුන් සමඟ දුරකථනයෙන් ද නිතර කතා බහ කළ බව පවසන අදාළ මව්ලවිවරයා, එම අඹුසැමි යුවළේ කාන්තාව විසින් තමන්ට දුරකථන ඇමතුමක් දී නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ, අනුව ඉකුත් 06 වනදා මධ්‍යම රාත්‍රීයේ තමන් ඔවුන්ගේ නිවසට ගිය බවයි අදාළ මව්ලවිවරයා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

එහිදී කාන්තාවගේ ඉල්ලීම මත තමන් ඇද සිටි ඇදුම් ඉවත් කළ බවත් එම අවස්ථාවේදී එක් වරම එම ස්ථානයට කඩා වැදුණු කාන්තාවගේ සැමියා සහ තවත් අයෙකු තමන්ට පහර දුන් බවයි මව්ලවිවරයා සඳහන් කරන්නේ.

එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා තමන් අත තිබූ රුපියල් 18,500ක මුදලක් සහ ජාතික හැදුනුම්පත ද කොල්ල කෑ බවත්,
තමා අසද නිරුවතින් ඔවුන්ගේ නිවසේ සිටින අවස්ථාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් ඔවුන් වරින් වර තමන්ගෙන් රුපියල් 185,000ක මුදලක් ලබාගත් බව මව්ලවිවරයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අනතුරුව සිද්ධිට සම්බන්ධ සැකකාර අඹුසැමි යුවළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් අතර මගදී හිතවත් වන පුද්ගලයින් තම නිවසට ගෙන්වාගෙන මෙලෙස ඔවුන්ගේ දේපළ කොල්ල කන බවයි අනාවරණය වී ඇත්තේ.

කලක සිට අදාළ අඹුසැමි යුවළ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පුත්තලම පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර අඹුසැමි යුවළ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
18
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31