අතරමග නතර වූ නිවාස ව්‍යාපෘති ගැන තීරණයක්

වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179ක් අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත්තේ තවත් නිවාස 8145ක පමණක් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම නිවාස ඉදි කිරීමට ඇස්තමේන්තුගත මුදල රුපියල් රුපියල් 18,717,771ක් වන අතර දැනට වැයවී ඇති මුදල රුපියල් 16409,667ක් බව සඳහන්.

මෙම නිවාස ව්‍යාපෘති පසුගිය 2020 වසරේ සිට 2023 දක්වාවූ වසර තුනක කාලය තුලදී ආරම්භ කරනු ලැබූ ඒවායි.

ඔබට ගෙයක් – රටට හෙටක්, මිහිඳු නිවහන, විරු සුමිතුරු, සෙවණ, සේවාභිමානී ඇතුළු නිවාස ආධාර ව්‍යාපෘති 15ක් යටතේ මෙම නිවාස ඉදි කර තිබෙනවා.

නිවාස ව්‍යාපෘතිය සඳහා මුදල් සපයාගෙන ඇත්තේ මහා භාණ්ඩාගාර අරමුදල්, සෙවණ අරමුදල්, අභ්‍යන්තර උත්පාදන හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ලංභාංශ වශයෙන් ලද මුදල් මගිනුයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ ඉතිරි නිවාස ද හැකි ඉක්මනින් ඉදිකර අවසන් කරන ලෙසටයි.

එතෙක් නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසද ඔහු උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඉතිරි නිවාස 8,145 ක ඉදිකිරීම් අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ පසුගිය සමයේදී රට අභ්‍යන්තරයේ පැන නැඟුණු අරගලය හා ආර්ථික අර්බුද හේතුවෙන් මෙම බොහෝ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නියමිත කාලයේදී අවසන් කිරීමට හැකියාවක් ලැබී නැහැ.

එහෙත් මේ වනවිට රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් ආර්ථිකය ස්ථාවර වෙමින් ඇති බැවින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ මහා භාණ්ඩාගාරයට බරක් නොවී නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51