අණ නොතකා ගිය මෝටර් රථයකට වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල දී පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් විසින් අණකර තිබූන ද එම අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එල්ල කළ වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී ඇති බව සඳහන්.