spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මන්නාරම මුලන්කාවි ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ පිට කොන්ද ප්‍රදේශයට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මෝටර් රථය නොනවත්වා ධාවනය කර නිවසට ගොස් මන්නාරම රෝහලට ඇතුලත් වී තිබෙනවා.

පිට කොන්දට සිදු වූ තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවු මෙම පුද්ගලයා යාපනය රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මන්නාරම මුරුගන් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?