අඩු බර පාන් සොයා රට වටේ මෙහෙයුම් අද සිට

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කළ නියමිත බරට පාන් අලෙවි කරන්නේ ද යන්න සොයා බැලීමට අද (05) දිනයේ සිට මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

අදාල රෙගුලාසිවලට අනුව කටයුතු නොකරන වෙළඳසැල්වලට සහ බේකරිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

පාන් ගෙඩියක සහ පාන් භාගයට අදාළව නියමිත බර සඳහන් කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කළා.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවටත්, එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය යුතු බවටත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඊට අමතරව පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු බවත්, බර වෙනස් වීම ග්‍රෑම් 09ක් ලෙසත් එහි සඳහන්.

එමෙන්ම අලෙවියට තබා ඇති පාන් ගෙඩියක බර ප්‍රදර්ශනයකර තිබීම ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර අදාළ ගැසට් නිවේදනයට අනුව පාන් අලෙවිය අපහසු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00