spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩු උපත් අනුපාතය සහ ඉහළ යන වයස්ගත ජනගහනය හේතුවෙන් චීනයේ දිගුකාලීන වර්ධනයට බලපෑමක්

චීනයේ ජනගහනය අඩු වීමේ ගැටලුව ආපස්සට හරවා ගැනීමට චීන බලධාරීන් කෙතරම් උත්සහ කළ ද ඉදිරි කාලයේ වයස්ගත ජනගහනය ඉහළ යාමෙන් ගැටලු  සහගත තත්වයක් මතුවනු ඇති විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

ඇතැම් වාර්තා පවසන්නේ උපත් අනුපාතය ඉහළ නැංවීමට බීජිං රජය දැඩි උත්සාහයක් දැරුව ද 2100 වසර වන විට චීනයේ ජනගහනය සියයට 48කින් පමණ අඩු වනු ඇති බවයි.

2040 වසර වන විට චීනයේ වයස්ගත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 402ක් දක්වා ඉහළ යනු ඇති අතර එය එරට සමස්ත ජනගහනයෙන් සියයට 28ක් පමණ වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

2030 වසර වන විට චීනයේ වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස සමස්ත ජනගහනයෙන් හතරෙන් එක ඉක්මවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ද වාර්තා වනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ සියල්ල චීනයේ ආර්ථිකයට, සමාජ ආර්ථික සංවර්ධනයට සහ විශාලතම සුපිරි බලවතා වීමේ ප්‍රයත්නයට අහිතකර ලෙස බලපානු ඇති බවයි.

2022 වසරේ දී චීනයේ උපත් මිලියන 10.41ට සාපේක්ෂව උපත් මිලියන 9.56ක් වාර්තා වී තිබුණා.

මෙයින් පෙන්නුම් කෙරුණේ වාර්ෂික මරණ සංඛ්‍යාව වාර්ෂික උපත් සංඛ්‍යාවට වඩා 8,50,000කින් වැඩි වූ බවයි.

චීනයේ ශ්‍රම බලකායේ විනාශකාරී මෙම  තත්ත්වයට හේතුවී තිබුණේ ජනගහනය පාලනය කිරීම සඳහා 1980 ගණන්වල ආරම්භ වූ “එක් දරුවෙක්” ප්‍රතිපත්තියයි.

මේ හේතුවෙන් – චීනයේ ශ්‍රම බලකායට වඩා ඔවුන් මත යැපෙන වයස්ගත පුද්ගලයින්ගේ සහ දරුවන්ගේ අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

2010 වසරේ දී සියයට 37.12ක් වූ එම අගය 2020 වසරේ දී සියයට  44.14ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මෙමගින් පෙනී යන්නේ චීනයේ වැඩ කරන ජනගහනය සැළකිය යුතු ලෙස අඩු වෙමින් පවතින බවයි. 

ජනවිකාශය පිළිබඳ චීන විශේෂඥයෙකු වන වැන්ග් ෆෙන්ග් පැවසුවේ චීනය ඉදිරි කාලයේ දී තරුණ, ජවසම්පන්න සහ වර්ධනය වන ජනගහනයක් සහිත රටක් යන සංකල්පයෙන් මිදෙනු ඇති බවයි.

දිගු කාලීනව, ලෝකය කිසිදා නොදුටු චීනයක් ඉදිරියේදී දැක ගැනීමට හැකි වනු ඇති බව ඔහුගේ පුරෝකථනයයි.

ජනගහන අඩුවීමේ ප්‍රවණතාව ආපසු හැරවීම සඳහා බීජිං රජය යෝජනා ක්‍රම සහ සහනාධාර කිහිපයක් ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ, යටතේ අඹුසැමියන්ට දරුවන් තිදෙනෙකු ලැබීමට අවසර ලබාදීම මෙන්ම මාපියන්ට නිවාඩු, සහනාධාර සහ මුදල් ආධාර පිරිනැමීම වැනි යෝජනා ඇතුළත්.

කෙසේ වෙතත් චීන අඹුසැමියන්ගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.  “එක් දරුවෙක්” ප්‍රතිපත්තිය උල්ලංඝනය වෙනුවෙන් ලබා දුන් දඬුවම් මීට හේතු වී ඇති බවටයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

එසේම මිල අධික අධ්‍යාපනය, අහස උසට යන නිවාස මිල ගණන්, රැකියා පීඩනය වැනි කරුණු මත බොහෝ කාන්තාවන් දැන් එක් දරුවෙකුට සීමා වීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී ගොස් තිබෙනවා.

චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua පුවත් සේවය කරන ලද මාර්ගගත සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ දරුවන් තිදෙනෙකු බිහි කිරීම සඳහා රජය කළ ආයාචනය කාන්තාවන්ගෙන් සියයට 90කට වඩා ප්‍රතික්ෂේප කළ බවයි.

එම සමීක්ෂණයට අනුව බොහෝ කාන්තාවන් තනිකඩව සිටීමට හෝ ප්‍රමාද වී විවාහ වීමට කැමැත්තක් දක්වන බව ද පෙනී ගොස් තිබෙනවා.

දරුවන් ලැබීමට සූදානම් ඇතැම් පිරිසට පවා ගැටලුවක් වී ඇත්තේ කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවේ තීරණ විශ්වාස කළ නොහැකි වීම බවද හෙළි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?