spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩු ආදායම්ලාභීන්ට දුන් කුලී නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට පැවරේ

ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණා.

ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 02ක්.

අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමටයි යෝජනා වූයේ.

කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා.

වතුකරයේ නිවාස ඉදිකිරීමට සහ ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බව ද ජනපති සඳහන් කළා.

මූලික පියවර ලෙස මේ සඳහා බිලියන 04ක මුදලක් වෙන් කරනවා.

අඩු ආදායම්ලාභීන්ට නාගරික නිවාස කුලී පදනමට ලබා දී ඇති අතර, එම පවුල්වලින් කුලී මුදල් අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරමින් එම නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදෙන බවයි ජනපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?