අඩුවෙන් ලකුණු ලබාගත් අයෙක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කරලා – අධිකරණයෙන් රීට් ආඥාවක්

2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා 2024 වසරේ මාර්තු මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් ද නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරුවන් පැවසුවේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (08) ලබා දුන්නා.

නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළ පලපුරුදු සේවකයෙකු බව සඳහන් කළා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කරු ලකුණු 61ක් ලබාගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එහෙත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා එම තනතුර සඳහා පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 වසරේ මාර්තු 05 වැනිදා තීන්දු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයෙකු එම ධුරය සඳහා පත් කිරීම නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සඳහන් කළේ, මෙම පත්කිරීම සිදුකිරීමේ දී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25