අඩි හයක වලකට උඩින් ගින්දර දමා පැයක් ඒ තුළ සිට ලෝක වාර්තාවක් පිහිටවූ මාතලේ තරුණයා

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම බිහිසුණු ලෝක වාර්තාව ලබා ගත්තේය

මෙම තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා ලෝක වාර්තාව ලබා ගත්තේය.

මාතලේ මන්දන්ඩාවෙල ප්‍රදේශ්යේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙම බිහිසුණු අදත්දැකීම් සහිත ලෝක වාර්තාවට 09 දින පස් වනුයේ සූදානම් කොට තිබුණි

සර්ව ආගමික වත් වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් මෙම තරුණයා ලෝකවාර්තාව වාර්තාව පිහිටුවීම සඳහා සූදානම් වීම විශේෂත්වයකි.

මෙහිද දී අඩි හයක වලක් කපා ඒ යට රාත්‍රී ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා දෙකක් සවි කොට වළ යට භාවනා යෝගීව වාඩිවී සිටියදී වල මත ලෑලි දමා පස් වලින් සම්පූර්ණයෙන්ම වසා දමා වල වට දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම සියලු දරසෑය ගිනි තැබීම තැබීම සිදු කරති.

එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි අයට ප්‍රදර්ශනය කර තිබිණි ,එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබිණි .

මීට පෙර ගිනි දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැයභාකයකට අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි

එම වාර්තාව බිඳ හෙළමින් ගිනි දැල් දල්වා පැයක කාලය අවසනවසන් වීමත් සමඟ නැරඹීම සඳහා පැමිණ සිටි විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ මාතලේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගේ සහයෝගයෙන් ගින්දර නිවා දමා වවල යට සිටි මෙම තරුණයා ගොඩ ගැනීම සිදුවිය.

ලෝක වාර්තාව තැබීමෙන් අනතුරුව 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා කියා සිටියේ ලංකාවේ ජනතාව ඕනෑම ශක්ති ශක්ති වන්ත වැඩක් කිරීමට හැකියාවක් තියෙන ජනතාවක් බව ලෝකයට දැනුම් දීම තම අරමුණ බවත් තවත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ නම් ලෝකය පුරා පැතිරවීම ආගම් ජාති කුල භේදභේද නොමැතිව මුළු ලෝකයම එක්සත්ව එක්සිත්ව සමගියෙන් කටයුතු කිරීම තම එකම බලා බලාපොරොත්තුව බව ඔහු සඳහන් කළේය.

image 1d4bf5d89c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25