spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටලුගම ෆාතිමාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ වඟුරු බිමක තිබී සොයාගත් නව හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දිනයේදී පැවැත්වීමට නියමිත තිබෙනවා.

පානදුර මූලික රෝහලේ දී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ දැරියගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ පවත්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි දේහය පානදුර මූලික රෝහල වෙත යොමු කෙරුණේ.

පසුගිය 27 වනදා දහවල් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ අදාළ දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ නිවසට ආසන්න වඟුරු බිමක තිබී සොයාගැනුණු අතර එම මරණය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

මේ වනවිටත් මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසීය සඳහන් කළේ දැරිය ඝාතනය කර මෙම ස්ථානයට සිරුර ගෙනවිත් දමා ඇති බවට සැක කෙරෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?