අටලුගම ෆාතිමාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ වඟුරු බිමක තිබී සොයාගත් නව හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දිනයේදී පැවැත්වීමට නියමිත තිබෙනවා.

පානදුර මූලික රෝහලේ දී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ දැරියගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ පවත්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි දේහය පානදුර මූලික රෝහල වෙත යොමු කෙරුණේ.

පසුගිය 27 වනදා දහවල් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ අදාළ දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ නිවසට ආසන්න වඟුරු බිමක තිබී සොයාගැනුණු අතර එම මරණය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

මේ වනවිටත් මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසීය සඳහන් කළේ දැරිය ඝාතනය කර මෙම ස්ථානයට සිරුර ගෙනවිත් දමා ඇති බවට සැක කෙරෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14