අටලුගම හොර ගව ඝාතකාගාරය

නීති විරෝධී ලෙස බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් සහ බලපත්‍ර නොමැතිව ගව මස් විකුණූ වෙළඳසලක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

එම වෙළඳ සැල තුළ තිබී මි හරක් මස් කිලෝ 243ක් , මරණ ලද මීහරක් දෙදෙනෙකුගේ හිස් කබල් දෙකක්, මෙන්ම මැරීම සඳහා ගාත් ගැටගසා සූදානම් කර තිබූ එළ ගවයින් තිදෙනෙකු බේරා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

වැටලීම ත් සමගම වෙළෙඳ සැලේ හිමිකරු සහ ගව ඝාතනාගාර ය තුළ සිටි පුද්ගලයකු පලාගොස් ඇත

සොරා ගෙන පැමිණෙන ගවයින් නීතිවිරෝධී ලෙස ඝාතනය කර මෙම වෙළඳසැල තුළ විකුණා ඇති බවත් මී ගව මස් ද විකුණා ඇත්තේ එළ ගව මස් බවට හඟවා යැයි පොලිසිය කියයි

නිවස පිටුපස පිහිටි කුඩා කාමරයක බිමට සහ වහලය ආසන්නයට යකඩ කොකු සවිකර මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවත් පොලිසිය කියයි

මැරීමට සූදානම් සිටි ගවයින් තිදෙනා මර බියකින් පසු වී ප්‍රකෝපකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පොලිසිය වෙත රැගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදු වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ

එම එක් ගවයකු නිතරම මුත්‍රා පහ කරමින් අප්‍රාණිකව බිම වැතිර සිටි බව පොලිසිය කියයි

පලා ගිය පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත

පලාගිය වෙළෙඳ සැලේ හිමිකරු ගව ඝාතනාගාරයේ හිමිකරු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06