spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටලුගම හොර ගව ඝාතකාගාරය

නීති විරෝධී ලෙස බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් සහ බලපත්‍ර නොමැතිව ගව මස් විකුණූ වෙළඳසලක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

එම වෙළඳ සැල තුළ තිබී මි හරක් මස් කිලෝ 243ක් , මරණ ලද මීහරක් දෙදෙනෙකුගේ හිස් කබල් දෙකක්, මෙන්ම මැරීම සඳහා ගාත් ගැටගසා සූදානම් කර තිබූ එළ ගවයින් තිදෙනෙකු බේරා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

වැටලීම ත් සමගම වෙළෙඳ සැලේ හිමිකරු සහ ගව ඝාතනාගාර ය තුළ සිටි පුද්ගලයකු පලාගොස් ඇත

සොරා ගෙන පැමිණෙන ගවයින් නීතිවිරෝධී ලෙස ඝාතනය කර මෙම වෙළඳසැල තුළ විකුණා ඇති බවත් මී ගව මස් ද විකුණා ඇත්තේ එළ ගව මස් බවට හඟවා යැයි පොලිසිය කියයි

නිවස පිටුපස පිහිටි කුඩා කාමරයක බිමට සහ වහලය ආසන්නයට යකඩ කොකු සවිකර මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවත් පොලිසිය කියයි

මැරීමට සූදානම් සිටි ගවයින් තිදෙනා මර බියකින් පසු වී ප්‍රකෝපකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පොලිසිය වෙත රැගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදු වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ

එම එක් ගවයකු නිතරම මුත්‍රා පහ කරමින් අප්‍රාණිකව බිම වැතිර සිටි බව පොලිසිය කියයි

පලා ගිය පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත

පලාගිය වෙළෙඳ සැලේ හිමිකරු ගව ඝාතනාගාරයේ හිමිකරු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?