අටමස්ථානාධිපති හිමි ලබන 22 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග – දැරියගේ මව යළි රිමාන්ඩ්

බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමතන හිමියන් ලබන 22 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (15) නියෝග කළා.

මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය දුෂණය කිරීමට චේතාන්විතවම මුදලට ලබාදුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (15) යළි කැදවු අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවයි.

ඒ අනුව අදාළ විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බවද අධිකරණයට කියා සිටි නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා සිටියා.

කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ තම සේවාදායකයා වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන්නැයි ද ජනාධිපති නීතීඥවරයා මෙහිදී අධිකරණයෙන් අයැද සිටියා.

  1. සැදැහැ සිතින් උපාසක අම්ම කෙනෙක් දාන වේලක් පූජකලාම හාමුදුරුවො වලදන්න ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19