spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද 22 දහවල් 2.30 මහා විහාර ආදාහන මළුවේ දී සිදු කිරීමට නියමිතව ඇත.

උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මහා විහාර සන්නිපාත ශාලාවේදී ආගමික වතාවත් සිදු කෙරේ. අනතුරුව අවසන් ගෞරව දැක්වීමෙන් පසු දේහය සන්නිපාත ශාලාවෙන් පිටතට ගැනීමට නියමිතය.

දේහය රැගත් පෙරහැර ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩ අබියසට පැමිණ රුවන්වැලි මහා සෑ පෙත් මඟ ඔස්සේ මහා සෑය අබියසින් ථූපාරාම විහාර මන්සංදියට පිවිස එතැන් සිට චිතකය පිහිටි මහා විහාර ආදාහන මළුව වෙත ගමන් කිරීම සිදු කරනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මූලිකත්වය ඇතිව ආදාහන පූජෝත්සවයේ කටයුතු සංවිධානය කරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?