අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද 22 දහවල් 2.30 මහා විහාර ආදාහන මළුවේ දී සිදු කිරීමට නියමිතව ඇත.

උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මහා විහාර සන්නිපාත ශාලාවේදී ආගමික වතාවත් සිදු කෙරේ. අනතුරුව අවසන් ගෞරව දැක්වීමෙන් පසු දේහය සන්නිපාත ශාලාවෙන් පිටතට ගැනීමට නියමිතය.

දේහය රැගත් පෙරහැර ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩ අබියසට පැමිණ රුවන්වැලි මහා සෑ පෙත් මඟ ඔස්සේ මහා සෑය අබියසින් ථූපාරාම විහාර මන්සංදියට පිවිස එතැන් සිට චිතකය පිහිටි මහා විහාර ආදාහන මළුව වෙත ගමන් කිරීම සිදු කරනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මූලිකත්වය ඇතිව ආදාහන පූජෝත්සවයේ කටයුතු සංවිධානය කරමින් පවතී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46