අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවතට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ සිටි අජිත් රෝහණ මහතා එම තනතුරින් ඉවත් වනු ඇති.