අජිත් රෝහණගේ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දිනදෙයි

තම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළා.

ඒ, අනුව අදාළ පෙත්සම ලබන 17 වනදා විභාගයට ගැනීමටයි නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව 2023 අප්‍රේල් 25 වනදා අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනකු සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දුන්නා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටියේ, අදාළ නියෝගය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් හෝ ඔවුන්ගේ අනුමැතිය ඇතිව නිකුත් කළ එකක් නොවන බවයි.

ඒ, අනුව එය නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බවත්,තමන් එම ස්ථාන මාරු නියෝගයට අවනත නොවන බව ඔහු දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14