අජිත් නිවාඩ් කබ්‍රාල් රජයට පාඩු කළ බවට දන්වමින් නඩුවක් වැටෙයි

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක ඇති බව දැනගෙනත් එරට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු. මිලියන 1843කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රු 1,843,267,595.00ක පාඩුවක් සිදු කරමින් දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරනු ලබන බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අය චූදිතයන් ලෙස නම් කරමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

2012 වසරේ දී ග්‍රීක බැඳුම්කර මිල දී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලබා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි ව අල්ලස් කොමිසම පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය මැයි 31 වන දින නියම කෙරුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබෙනවා.

කෙසේවෙතත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහි ව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තැබීම මත විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාම නඩුවෙන් නිදහස් කිරීමට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළා.

මෙම නියෝගය වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව යළිත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14