අජිත් නිවාඩ්ලා කල්දේරම් පිටින් බෙදාගන්න හදනවා

ජනතාව හිස් පිඟාන අතේ තබාගෙන සිටින මොහොතක ආණ්ඩුවේ අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කිහිප දෙනෙක් කල්දේරම් පිටින් බෙදාගත හැකි නීති සකසන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ පැවසුවාය.

තමන්ගේත් තම හිතවත් කූට ව්‍යාපාරිකයන් අතළොස්සකගේත් පොකැට්ටුව පුරවාගත හැකි නීති සැකසීම කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක් දැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කළාය. 

එමෙන් ම, රාජපක්ෂ ආණ්ඩුව බලයට ආ දා සිට ජාතික වශයෙන් වැදගත් එකදු පනතක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර අවම තරමින් පොරොන්දු වූ පරිදි අසරණ ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමවත් නොකර ආණ්ඩුව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ ගිණුම් තර කිරීමට යෑම බරපතළ කාරණයක් බව ද ඇය පෙන්වා දුන්නාය.

රටේ බදුවලට පොලු තබා ඇත්තේ සාමාන්‍ය ජනතාව නොව මහා පරිමාණයෙන් හා නීති විරෝධීව ආදායම් උපයන ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් අතළොස්සක් බවත් ඉදිරියේදී රටේ අනාගතය ගැන කිසිදු පැහැදිලි භාවයක් නොමැති බවත් ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. 

Maubima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09