අඟුරුවාතොට ඝාතනයේ සැකකරු ලුණුගම්වෙහෙරින් අත්අඩංගුවට

අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ ඔහු ඝාතනය කළ දින හැඳ සිටි බව කියන ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුගේ පියා ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට සම්බන්ධ බව කියන මව සහ සොහොයුරෙක් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි සඳහන්.

පසුගිය 17 වෙනි දින බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයක දී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මග රැක සිටි සැකකරුවන් විසින් 36 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණා.

ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සොයා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29