අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා වෙල්ලාලගේ

අයි.සී.සීය විසින් අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නැගී එන තුන් ඉරියව් තරුවක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා.

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්වේ ජේඩන් සීල්ස්ගේ නම් ද නිර්දේශ වී තිබුණා.

එම ක්‍රීඩකයින් දෙදෙනා අභිබවා ගිය දුනිත් වෙල්ලාලගේ අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙලෙස නම්කර තිබෙනවා.

ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් දුනිත් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබුණා.