අගෝස්තු මාසයේ සිට හාල් සැෂේ පැකට් ක්‍රමයට : වී වගාව සියයට 50 කින් අඩු වෙලා

මෙවර යල කන්නය අසාර්ථක වුවහොත් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයෙන් පසුව මිල දී ගැනීමට සිදුවන්නේ සහල් සැෂේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

පොළොන්නරුවේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ, මෙලෙස අධික ලෙස සහල් මිල ඉහළ යාමට වෙළෙඳපොළේ පවතින
සහල් මාෆියාව හේතු වී ඇති බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල කන්නයේ වී අස්වැන්න සියයට 50කින් පමණ අඩුවී ඇති බවයි ගොවින් පවසන්නේ. පසුගිය වසරේ කුඹුරු අක්කරයෙන් වී ගෝනි 40-45ක් ප්‍රමාණයක් ලැබුනත් මෙවර එය 20-22ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් තුල වී කිලෝවක මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති බවයි කුඩා මෝල් හිමියන් පවසන්නේ. මේ වන විට වී කිලෝවක මිල රු.120-140ක් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට රටේ සහල් මිලදී ගැනීමේ දී සැෂේ පැකට් ලෙසට මිලට ගැනීමට සිදුවන බවයි සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ. පවතින සහල් හිඟය නිසා කිලෝග්‍රෑම් 05 සහල් බෑග් වෙනුවට මෙම සහල් සැෂේ පැකට් වෙළෙදපළට හඳුන්වා දීමට සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22