අගෝස්තු මාසයේ දී බීඩි කිලෝ 6230ක් අත්අඩංගුවට

නාවික හමුදාව, අගෝස්තු මාසය තුළ පමණක් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, අත්අඩංගුවට ගත් බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ 6230 ඉක්මවා ගොස් තිබෙනවා.

සැකකරුවන් 09ක් සහ ඩිංගි යාත්‍රා 03ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපන්නි, කැළණි, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන් විසින් බටහිර සහ වයඹ මුහුද හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙම බීඩි කොළ සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, බීඩි කොළ සහ ඩිංගි යාත්‍රා තුන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භරදී ඇතැයි සඳහන්.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට බීඩි කොළ රැගෙන ඒම අධෛර්මත් කිරීමත්, නීතියානුකූල ක්‍රමවේදයට අනුකූලව බීඩි කොළ ආනයනය කිරීම දිරිමත් කර රජයේ බදු ආදායම ශක්තිමත් කිරීමත් වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබනවා.

අගෝස්තු මාසය තුල පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය මඟින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 37 කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14