අගෝස්තු මස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට වෙල්ලාලගේ නිර්දේශ වෙයි

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම නිර්දේශ වී තිබෙනවා.

ඉන්දීය සංචාරයේ දී දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු ක්‍රීඩක ජේඩන් සීල්ස්.