spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අග්බෝ බලන්න මන්ත්‍රී දුමින්ද දිසානායක යයි

පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

තිරප්පනය, සන්දනන්කුළම ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ මේ වන විට අගෝබෝ ඇතා රැඳී සිටින අතර, වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් දිවා රෑ නොබලා අග්බෝ සුව අතට පත් කර ගැනීම වෙනුවෙන් රාජකාරියට එහා ගොස් සිදු කරන සේවය ද එහිදී දුමින්ද දිසානායක මහතාගේ ඇගයීමට ලක් වුණා.

මස් වෙනුවෙන් වන සතුන් ඝාතනය කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් පත්තු වී අග්බෝ ඇතාගේ ඉදිරි පස වම් පාදයේ විශාල තුවාලයක් පවතින අතර, එම තුවාලය හේතුවෙන් අග්බෝ ඇතුට ඇවිදීමේ අපහසුතාවක් පවතිනවා.

දින ගණනාවක සිට වනජීවී නිළධාරීන් හා පශු වෛද්‍ය නිලධාරීන් එක්ව තුවාල ලබා සිටින අග්බෝ ඇතුට ප්‍රථිකාර සිදු කරන අතර, මේ වන විට ඇතා සුව අතට පත් වෙමින් සිටින බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

වෛද්‍ය තාරක ප්‍රසාද් සහ වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එක්ස් රේ යන්ත්‍රයක් යොදා ගනිමින් අග්බෝ ඇතාගේ පාදයේ පවතින තුවාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රථිකාර සිදු කරනු ලබනවා.

අග්බෝ වෙනුවෙන් මාසයකට වැඩි කාලයක් මේ වන විට ප්‍රථිකාර සිදු කර තිබෙනවා.

අග්බෝ හස්ථියා සුව කර ගැනීම වෙනුවෙන් පශු වෛද්‍යවරුන්, තිරප්පනය වනජීවී කාර්යාල නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙන්ම විශාල පිරිසක් ප්‍රථිකාර සඳහා දායකත්වය ලබා දෙන අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව අග්බෝ ඇතාට අවශ්‍යය ආහාර ලබාදීම සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?