අග්බෝ බලන්න මන්ත්‍රී දුමින්ද දිසානායක යයි

පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

තිරප්පනය, සන්දනන්කුළම ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ මේ වන විට අගෝබෝ ඇතා රැඳී සිටින අතර, වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් දිවා රෑ නොබලා අග්බෝ සුව අතට පත් කර ගැනීම වෙනුවෙන් රාජකාරියට එහා ගොස් සිදු කරන සේවය ද එහිදී දුමින්ද දිසානායක මහතාගේ ඇගයීමට ලක් වුණා.

මස් වෙනුවෙන් වන සතුන් ඝාතනය කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් පත්තු වී අග්බෝ ඇතාගේ ඉදිරි පස වම් පාදයේ විශාල තුවාලයක් පවතින අතර, එම තුවාලය හේතුවෙන් අග්බෝ ඇතුට ඇවිදීමේ අපහසුතාවක් පවතිනවා.

දින ගණනාවක සිට වනජීවී නිළධාරීන් හා පශු වෛද්‍ය නිලධාරීන් එක්ව තුවාල ලබා සිටින අග්බෝ ඇතුට ප්‍රථිකාර සිදු කරන අතර, මේ වන විට ඇතා සුව අතට පත් වෙමින් සිටින බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

වෛද්‍ය තාරක ප්‍රසාද් සහ වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එක්ස් රේ යන්ත්‍රයක් යොදා ගනිමින් අග්බෝ ඇතාගේ පාදයේ පවතින තුවාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රථිකාර සිදු කරනු ලබනවා.

අග්බෝ වෙනුවෙන් මාසයකට වැඩි කාලයක් මේ වන විට ප්‍රථිකාර සිදු කර තිබෙනවා.

අග්බෝ හස්ථියා සුව කර ගැනීම වෙනුවෙන් පශු වෛද්‍යවරුන්, තිරප්පනය වනජීවී කාර්යාල නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙන්ම විශාල පිරිසක් ප්‍රථිකාර සඳහා දායකත්වය ලබා දෙන අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව අග්බෝ ඇතාට අවශ්‍යය ආහාර ලබාදීම සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59