අගවිනිසුරු ගමන්ගත් මෝටර් රථය වීඩියෝ කළ අයෙක් රිමාන්ඩ්

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි රථ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (08) නියෝග කළා.

එම රථ වීඩියෝ ගත කළ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණයෙන් නියම වුණා.

සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් ධනුෂ්ක සම්පත් අධිකරණය හමුවේ කියා සිටියේ අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමඟ කොළඹ ග්‍රෙගරි ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම නිවස අසල සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය සැකකාර පුද්ගලයා විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කරන අයුරු ආරක්ෂක නිලධාරීන් විසින් දැක ඇති බවයි.

පසුව අගවිනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා එම නිලධාරීන් බාරයට ගෙන කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත්කර ඇති බව ද කොස්තාපල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අගවිනිසුරුවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් රථය තම සේවාදායකයා ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති නමුත් කිසිදු අපරාධ කටයුත්තක් සම්බන්ධයෙන් ඔහු එසේ කර නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදාහරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14