අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් සහ අගමැතිනිය අතර හමුවක්

රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher හිමිපාණන් ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

මෙහිදී අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගරදගුරු Gallagher හිමිපාණන් හට පැහැදිලි කරනු ලැබුවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අගරදගුරු හිමිපාණන් “අධ්‍යාපනය යනු සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන නව නාමයක්” බව සඳහන් කරමින් ලෝක අධ්‍යාපනය සඳහා වන ජුබිලිය වැනි ශුද්ධාසනයේ ගෝලීය මුලපිරීම ඉස්මතු කළා.

ගැටුම්වලින් පසු ගොඩ නැගී ඇති සංහිඳියාව පිළිබද අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය වත්මන් රජය විසින් ගෙන යන සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා වන එක්සත් ප්‍රවේශයක් සඳහා වන ගමන් මඟ පැහැදිලි කරමින්, සංහිඳියාව ළඟා කර ගැනීම සඳහා නිරන්තරයෙන් සංවාද සහ අලුත් චින්තනයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

රජය විසින් ගෙන යන මෙම දැක්ම පැසසුමට ලක් කළ අගරදගුරු Gallagher හිමිපාණන් ජාත්‍යන්තර විශ්වාසය පවත්වා ගැනීම සඳහා අධිකරණ පද්ධතිය, විශ්වාසය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පේනවා දී තිබෙනවා.

අවසන් වශයෙන් අගරදගුරු Gallagher හිමිපාණන් විසින් ශුද්ධෝත්තම XIV වන Leo පාප් වහන්සේගේ ශ්‍රී ලංකා නිල සංචාරක් පිණිස යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා විධිමත් ලෙස ආරාධනා කිරීමට කටයුතු සලසන බවට පවසමින් අග්‍රාමාත්‍යවරිය එම යෝජනාව පිළිගෙන තිබුණා.

අගරදගුරු Gallagher හිමිපාණන් විසින් ශුද්ධාසනය නැරඹීමට අග්‍රාමාත්‍යවරිය හැර ආරාධනාවක්ද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02