අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

තමන් රට භාරගත්තේ එය දැඩි ආර්ථික ව්‍යසනයකට පත්ව ඇති මොහොතක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියා.

රටේ පවතින දුර්වල පරිපාලන ක්‍රමවේදය සමඟ කිසි විටෙක ආර්ථික අර්බුදය දින කිහිපයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි බවත්, එක් පියවරක් ගොඩගැනීමට අවම වශයෙන් වසරක පමණ කාලයක්වත් ගතවන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඒ, සඳහා අවම වශයෙන් වසර 04ක පමණ කාලයක් කැපවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති කරුණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනතාව ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් විඳින ආකාරය දැක නැති බවත්, ඒ පිළිබඳව දැඩි ලෙස තමන් කණගාටුවට පත්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කර සිටියා.

පසුගිය 09 වැනි දින යෙදී තිබූ සියලුම රැස්වීම් කල් දමා නිවසෙහි රැඳී සිටි බවත්, පසුව පොලිසියෙන් ද තමන්ගෙන් සිදු කළ ඉල්ලීම වූයේ, අරගලය අවසන් වී පිටව යන බාහිර පිරිස් නිවස අසලින් ගමන්කරන විට කලබලයක් ඇතිවීමේ අවකාශයක් ඇති හෙයින්, නිවසින් ඉවත් වන ලෙසයි.

මේ හේතුවෙන් තමන් සහ බිරිඳ පස්වරුව වන විට නිවසින් පිටත්ව ගිය බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එම අවස්ථාවේදියි තමන්ගේ නිවසට ගිනි තබා ඇති බවට දැනගැනීමට ලැබුණු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම තම නිවස අසල දී පොලිසිය විසින් මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධව ද අගමැතිවරයා මෙහිදී අදහස් දක්වා සිට අතර, තමන් සිටින්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බව ද මෙම ප්‍රකාශයේ දී ඔහු අවධාරණය කර සිටියා.

https://youtu.be/zaRIFwqaEAA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14