අගමැති මහින්ද රාජපක්ෂ, හදිසියේම ජනතාවට කළ දැනුම්දීම මෙන්න

ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල නිලධාරින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම්දී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද, නිලධාරින් සිය රාජකාරිය උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බවයි.
මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ අප රජයක් ලෙස සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

සම්පූර්ණ සටහන පහතින් බලන්න..

අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි. අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි. මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.
බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14