අගමැති පුතෙකුට චෝදනාවක්

ඔක්තෝම්බර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානයට එරෙහි සටනට ඊශ්‍රායල තරුණයන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් එක්වී සිටින මොහොතක ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුත් යායිර් එක්සත් ජනපදයේ රැඳී සිටීම පිළිබඳ මතබේධාත්මක තත්වයක් මතුවී තිබෙනවා

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එහෙත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ 32 හැවිරිදි පුත්‍රයා තවමත් ඇමෙරිකාවේ සිටින බැවින් මේ වනවිට ඔහුට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

යායිර් ජීවත් වන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔහුට අයත් නිවසේයි.

ඊශ්‍රායලයේ නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් 1,400ක් පමණ මිය ගිය අතර ගාසා තීරයේ 5,000කට වැඩි පිරිසක් මරා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වාර්තා වලට අනුව, Yair මේ වසර මුලදී ෆ්ලොරිඩාවට ගොස් ඇති තර ඔහු මුහුදු වෙරළක සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වීමත් සමග ඔහුට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

බොහෝ අය කියා සිටින්නේ ඔහු මියාමි හි විනෝද වෙමින් සිටින අතර ඔහුගේ රටවැසියන් හමාස් ට එරෙහි සටනට එක්වීමට නිවෙස් බලා පැමිණෙන බවයි.

ඊශ්‍රායලයේ උතුරු පෙරමුණේ ස්ථානගතව සිටි එක් ස්වේච්ඡා සේවකයෙකු මේ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. “මම ඉදිරි පෙළේ සිටින අතරතුර යායර් මියාමි බීච් හි ඔහුගේ ජීවිතය සතුටින් ගත කරයි. අපේ රැකියාව, අපේ පවුල්, අපේ දරුවන්, නිවස සහ රට ආරක්ෂා කිරීමට අප හැර යන්නේ මෙයට වගකිව යුතු පුද්ගලයින් නොවේ. “

ගාසා තීරයේ දේශසීමාවේ සේවය කරන තවත් සොල්දාදුවෙක් පැවසුවේ, “මම රැකියාවක්, ජීවිතයක්, මගේ පවුලක් ඇති ප්‍රාන්තවලින් ආපසු මගේ රටට පියාසර කළා, මගේ රට, මගේ ජනතාව, මෙම තීරණාත්මක අවස්ථාවේදී අත්හැරීමට ක්‍රමයක් නැත. අගමැතිගේ පුතා කෝ? ඇයි එයා ඊශ්‍රායලයේ නැත්තේ? අපගේ මෑත ඉතිහාසයේ ඊශ්‍රායල ජාතිකයන් වශයෙන් අපට වඩාත්ම එකමුතු අවස්ථාව මෙය වන අතර අගමැතිගේ පුත්‍රයා ඇතුළු අප සෑම කෙනෙකුම මේ මොහොතේ මෙහි සිටිය යුතුය,”

වෘත්තියෙන් පොඩ්කාස්ටර් කෙනෙක් වන යායිර් නෙතන්යාහුගේ තුන්වන බිරිඳ සාරාගේ පුත්‍රයායි. ඔහු පියාගේ දැඩි හිතවාදියෙක් වන අතර බොහෝ විට ඔහුගේ ඉස්ලාම් විරෝධී සමාජ මාධ්‍ය පෝස්ට් මගින් මතභේදයට ද තුඩු දී තිබෙනවා.

2018 වසරේදී “සියලු මුස්ලිම්වරුන් ඉවත්ව යන තුරු” ඊශ්‍රායලයේ සාමයක් නොමැති බව ඔහු පළ කිරීමෙන් පසු ඔහුගේ ෆේස්බුක් ගිණුම පැය 24ක් අවහිර වී තිබුණා.

  1. HERE EX.AND LATE PRES.JRJ’S SON RAVI WAS THE CONSUTANT OF HIS FATHER AND ANALYSED THE EXISTED FORCES AND THEIR TRAINING WAS NOT ENOUGH TO SAFEGUARD ESPECIALLY HIS FATHER. SO HE GET ISRAEL SUPPORT TO TRAIN VRY SPECUALLY SELECTED PEOPLE FROM SRI LANKA POLICE AND GAVE VERY HARD AND RUTHLESS TRAINING AND FORMED STF. SO STF CAME TO SCENE AND GAVE SECURITY FOR JRJ AND HIS CABINET. LATE MIN.LALITH CAME AS DEFENCE MINISTER AND FOARMED SEVEREL REGEMENTS. MARA SEND HIS O/L FAILED SON TO NAVY BUT DID NOT SENT TO WAR. AS A LUTEINANT BUT HIS EDUCATION IS NOT SUFFCIENT. MARA WAS A CUNNING FOX SO BEFORE PEOPLE QUESTION ABOUT HIS 3 SONS WHY NOT SENDING TO WAR HE DID THAT.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18