අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා.

පසුගිය දින වලදී මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ඔහු පුහුණුවීම් වල නිරත වුණා.

රෝහිත රාජපක්ෂ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

නාවික හමුදා පිලට එරෙහිව හෙට පැවැත්වෙන තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

කළුතර නාගරික ක්‍රීඩා සමාජ මූලස්ථානයේදී ඊයේ (26 වැනිදා) පැවැති උත්සවයකදී රෝහිත රාජපක්ෂ කණ්ඩායමට පිළිගෙන තිබුණා.

සෑම වර්ෂයකම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සුහදව පිළිගනු ලබන අතර එම අවස්ථාවේදී තරගාවලියට එක්වන ක්‍රීඩයන්ට නිල ඇඳුම් බෙදා දෙනු ලබයි. අද සවස පැවැති ක්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයේදී රෝහිත රාජපක්‍ෂට ඔහුගේ කණ්ඩායම් ඇඳුම කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා විසින් පිරිනමන ලදි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43