අගමැති දිනේෂ් ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය ගැන නිවේදනයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසිනුයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි.

මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට යළිත් ලබාදෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ද ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නිදහස් ජනතා සන්ධානයෙන් සහාය ඉල්ලා සිටි බවයි.

රටේ පවතින ගැටලුවලට විසඳීම ආණ්ඩුව මාරු කිරීම වන අතර අගමැති ධුරය වෙනස් කර ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බවයි ඔහු කියාසිටියේ.

PM Press Release scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30