spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය ගැන නිවේදනයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසිනුයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි.

මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට යළිත් ලබාදෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ද ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නිදහස් ජනතා සන්ධානයෙන් සහාය ඉල්ලා සිටි බවයි.

රටේ පවතින ගැටලුවලට විසඳීම ආණ්ඩුව මාරු කිරීම වන අතර අගමැති ධුරය වෙනස් කර ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බවයි ඔහු කියාසිටියේ.

PM Press Release scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?