අගමැති කාර්යාලයේ වැසිකිලිවලෙන් කොකේන් හමුවෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයේ වැසිකිලියක තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවීම නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ කොකේන් වැනි මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය භාවිතය පිළිබඳ මේ දිනවල විවේචන මතුවී තිබෙන පසුබිමක මෙවැනි අනාවරණයක් සිදුවීම ගැටලුකාරී වී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරන්නේ.

එක්සත් රාජධානිය පුරා මත්ද්‍රව්‍ය භාවිතය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ජොන්සන් ඔහුගේ නව සැලසුම් සාකච්ඡා පසුගිය සතියේ සාකච්ඡාවීමෙන් පසුව මෙවැනි පුවතක් වාර්තාවීම විශ්මයට හේතුවී ඇත. 

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ අගමැති ජොන්සන් සහ ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල් මෙන්ම නෝමන් ෂෝ නෝර්ත් හි  කැබිනට් කොරිඩෝවේ ආබාධිතයින් සඳහා වූ නාන කාමරය සහ නික් තෝමස්-සයිමන්ඩ්ස්ගේ කාර්යාලය අසල ප්‍රවේශ විය හැකි වැසිකිළියක තිබී හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු අවසර පත්‍ර ඇති ස්ථාන වල මෙවැනි දේ ගෙන ඒම සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසර තුළ පාර්ලිමේන්තු වත්ත තුළදී හෝ ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ

ටෝරි මන්ත්‍රී චාල්ස් වෝකර් මේ සම්බන්ධයෙන් පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා ස්නයිෆර් සුනඛයන් යොදා ගැනීමේ දීර්ඝ ඉතිහාසයක් පාර්ලිමේන්තුවට ඇත බවත් මත්ද්‍රව්‍ය හඳුනා ගත හැකි සුනඛයින්ගේ පරාසය පුළුල් කිරීමට අවශ්‍ය වන බවත් ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14