අගමැතිනි හා චීන තානාපති අතර නිල හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා අතර නිල හමුවක් අද (30) පැවැත්වුණා.

මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ ගංවතුර සහන ප්‍රයත්නයන් සඳහා චීන රජයේ සහයෝගය ප්‍රකාශ කර ඇති අතර ජාතීන් දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් මෙම හමුව සිදු වුණා.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ කාලීන ත්‍යාගශීලීභාව සහ සහයෝගය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරිය තානාපති Qi වෙත සිය කෘතඥතාව ද පළ කළා.

දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතා පිළිබඳ ව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු බවයි, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39