අගමැතිනි හරිනි ගොනු කළ පෙත්සමකට අධිකරණය දින දෙයි

විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකාවන් පිරිසකට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි මස 19 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරුණා.

ඒ පෙත්සම එස්.තුරෙයි රාජා සහ මේනකා විජේසුන්දරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (15) කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටීමක් සිදු වුණේ නෑ.

ඒ අනුව පෙත්සම යළි ජුනි මස 19 වැනිදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව දන්වා පෙත්සම්කරුවන්ට නොතීසි යවන ලෙසත් නියෝග කළා.

ඒ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිසිවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාව භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර සිටිනවා.

2024 වසරේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වුණා.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා එම විවාදය පැවැති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකාවන් පිරිසක් සාමිකාමී විරෝධතාවක නිරත වූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පෙත්සම්කාරියන් සඳහන් කළා.

එහිදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් තමන්ට ජල ප්‍රහාර එල්ල කළ බවත් පසුව සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් ඇය සිය පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30