අගමැතිනි හරිනි ගොනු කළ පෙත්සමකට අධිකරණය දින දෙයි

විසර්ජන පනත් කෙටුම්පතින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකාවන් පිරිසකට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි මස 19 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරුණා.

ඒ පෙත්සම එස්.තුරෙයි රාජා සහ මේනකා විජේසුන්දරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (15) කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටීමක් සිදු වුණේ නෑ.

ඒ අනුව පෙත්සම යළි ජුනි මස 19 වැනිදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව දන්වා පෙත්සම්කරුවන්ට නොතීසි යවන ලෙසත් නියෝග කළා.

ඒ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිසිවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාව භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර සිටිනවා.

2024 වසරේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වුණා.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා එම විවාදය පැවැති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකාවන් පිරිසක් සාමිකාමී විරෝධතාවක නිරත වූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පෙත්සම්කාරියන් සඳහන් කළා.

එහිදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් තමන්ට ජල ප්‍රහාර එල්ල කළ බවත් පසුව සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් ඇය සිය පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46