spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිතුමාගෙන් ඇඟ සීතල වෙන හෙළිදරව්වක්

එළැබෙන සති කිහිපය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම ඉතා දුශ්කර කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳුරු අනාවැකියක් පළකරනවා.

රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ආර්ථික තත්ත්වය, ඉන්ධන තත්ත්වය සහ පොහොර තත්ත්වය අතුළු කාරණා සම්බන්ධයෙන් පසු ගිය දින කිහිපය තුළ තමන් විසින් සමාලෝචනය කළ බව සහ පෙර සූදානමක් නොතිබුණු බැවින් එහි යම් හිඟයකට ඉදිරියේදී මුහුනද දීමට සිදු වනු ඇති බවට එම සමාලෝචනයෙන් පෙනී ගිය බවද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

“ඊළඟ සති කිහිපයේදී තමයි අපිට අමාරුකම්වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඊයෙ ත් අද ත් විශේෂයෙන් ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පොහොර තත්ත්වය, හැම එකක් ගැන ම සමාලෝචන කළා. ඒ සමාලෝචනවලදී පෙනෙන්නේ, අපි තාම සූදානමක් නොතිබුණු නිසා අපිට යම් කිසි හිඟයකට, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙනවා කියලා.”

එසේම අද දිනයේ (මැයි 15) දිනයේ තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

සබැඳි පුවත් : සඳුදා ජනතාවට ඇත්ත කියන්න සැරසෙන රනිල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?