අගමැතිට ගෙනා විශ්වාසභංගයට ඇපත් නැහැ…

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශ්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමට සමත්වුණා.

කොන්සර්වටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව මන්ත්‍රීවරුන් 211 ක් ද විරුද්ධව මන්ත්‍රීවරුන් 148 ක් ද ඡන්දය භාවිත කර තිබුණා.

ලැබූ ජයග්‍රහනය කෙසේවෙතත් අගමැතිවරයාට පැවති බහුතර සහායේ අඩුවක් මෙමගින් නිරූපණය වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අනුව කොන්සර්වටිව් පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරි මාස 12 තුළ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.