අඛණ්ඩ සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයේ

හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සදහා මූලික වූ ඉල්ලීම් ඔවුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

1. 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,

A. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාලව, තනතුරු නම් කරන ලද චක්‍රලේඛය නිකුත් නොවීම.

B. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,
i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛ නිකුත් කිරීමට වන ප්‍රමාදය
ii. විෂමතා ඉවත් වන පරිදි 2010.11.01 දින දක්වා අදාල තීරණය පෙරදාතම කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

2. ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව උල්ලංඝණය නොවන අයුරින් වැටුප් ප්‍රතිපත්තිය පවත්වා ගැනීම හා රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

3. අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම සහ වසර 21 කින් යාවත්කාලීන නොවූ ඇමතුම් හා නිදර්ශක දීමනාව ඊට අනුකූල වනසේ යාවත්කාලීන කිරීම.

4. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.

5. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම.

6. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

7. සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48