අඛණ්ඩ උද්ඝෝෂණයක් ගැන රතු එළියක්

සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදලට පැනවීමට යෝජිත සියයට 25ක අධිභාර බද්ද වහා හකුලා ගන්නැයි විවිධ ක්ෂේත්‍රවල වෘත්තිය සමිති නියෝජිතයින් රජයට දැනුම්දී තිබේ.

ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ඔවුන් අවධාරණය කළේ, එසේ නොමැති නම් කම්කරු ජනතාව පෙළ ගස්වා අඛණ්ඩ උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කරන බවය. සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදලට සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට හැකිවන පරිදි රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එය වහා හකුලා ගන්නැයි බලකරමින් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින් අද ලේඛනයකට අත්සන් තැබීය. මේ අතර යෝජිත අධිභාර බද්දට විරෝධය පළකරමින් පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඒ සඳහා වෘත්තිය සමිති 21ක නියෝජිතයින් සහභාගී විය. ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා,

“කිසිම රටක සමාජ සංරක්ෂණ අරමුදල්වලට බදු අය කරන්නේ නෑ. “

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“රවට්ටන්න සූදානම් වෙන්න එපා. එක උත්තරයයි තියෙන්නේ. මේක එපා කියලා කටයුතු කිරීම.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11