spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඛණ්ඩ උද්ඝෝෂණයක් ගැන රතු එළියක්

සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදලට පැනවීමට යෝජිත සියයට 25ක අධිභාර බද්ද වහා හකුලා ගන්නැයි විවිධ ක්ෂේත්‍රවල වෘත්තිය සමිති නියෝජිතයින් රජයට දැනුම්දී තිබේ.

ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ඔවුන් අවධාරණය කළේ, එසේ නොමැති නම් කම්කරු ජනතාව පෙළ ගස්වා අඛණ්ඩ උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කරන බවය. සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදලට සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට හැකිවන පරිදි රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එය වහා හකුලා ගන්නැයි බලකරමින් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින් අද ලේඛනයකට අත්සන් තැබීය. මේ අතර යෝජිත අධිභාර බද්දට විරෝධය පළකරමින් පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඒ සඳහා වෘත්තිය සමිති 21ක නියෝජිතයින් සහභාගී විය. ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා,

“කිසිම රටක සමාජ සංරක්ෂණ අරමුදල්වලට බදු අය කරන්නේ නෑ. “

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“රවට්ටන්න සූදානම් වෙන්න එපා. එක උත්තරයයි තියෙන්නේ. මේක එපා කියලා කටයුතු කිරීම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?