අකුරේගොඩ වෙඩි තැබීමේ එක් වෙඩික්කරුවෙකු හඳුනාගනී (වීඩියෝ)

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු ඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඊට අමතරව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු ද හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

ඒ, අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“අපරාධයට සම්බන්ධ වාහනය KI 7738 බද්දේගම ප්‍රදේශයේ දී ගිනි තබා විනාශ කර තිබිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සඳහා ගිනි අවි ලබාදීමට පැමිණි රථය KS 8987 කොට්ටාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදුකිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවාගෙන පැමිණි රථය KW 8733 අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මෙහි හිමිකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මෙම අපරාධය සිදුකිරීම සඳහා ගිනිඅවි ප්‍රවාහනය කළ වෙඩික්කරුවන්ට ලබාදුන් සනෝජ් කෝකිල ලියනආරච්චි අත්අඩංගුවට අරන් තියනවා. ඒ වගේන මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, මීවෙල, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි අංක KW 8733 දරණ රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය, ඇත්කඳුර ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ කාර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39