spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුරැස්ස ඝාතනයේ ප්‍රධන සැකකරු පොලිස් භාරයේ

අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ අමානුෂික ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වනවිට පොලිස් භාරයේ පසුවන බව වාර්තා වනවා.

ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ 24 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සිටියා.

මේ අතර අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ මව සහ පියා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුගේ හිස වෙන් වන ලෙස කපා ඝාතනය කර හිස් කොටස නිල්වලා ගඟට දමා ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවසේ දේවාලයක් පවත්වාගන යමින් කට්ටඩියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරුගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් එම කට්ටඩියාගේ 60 හැවිරිදි වියේ පසුවන බිරිඳ සහ 40 හැවිරිදි වියේ පසුවන දියණිය ද තුවාල ලබා අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?