අකුරට වැඩ කිරීම සාර්ථක බව ගුවන් ගමන් පාලකවරු කියයි

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද දහවල් 12 සිට පස්වරු 02 දක්වා ක්‍රියාත්මක කළ ” අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක බව එම සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පවසනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 05ක් ප්‍රමද වී ගුවන් ගත වූ අතර, තවත් ගුවන් යානා කීපයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමේ දී ප්‍රමාද වීම්වලට ලක් වූ බවයි තිසර අමරනන්ද මහතා සඳහන් කළේ.

එසේම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා මෙන්ම ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා ද කෙටි ගුවන් ගමන් මාර්ග වෙනුවට නියමිත ගුවන් ගමන් මාර්ග ඔස්සේ පමණක් ධාවනය කරවූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලන්කන්, ඉන්ඩිගෝ සහ ෆ්ලයි ඩුබායි ඇතුළු අනෙකුත් ගුවන් සේවා වෙත අතිරේක ඉන්ධන පිරිවැයක් දැරීමට ද සිදු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

එහෙත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානාවලට මෙන්ම හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා, ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව ගුවන් ගමන්වල නිරත වූ බව ද තිසර අමරනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26