අකුදිගේ මැතිවරණ පෝස්ටර් ඇල වූ දෙදෙනෙක්ට උසාවියෙන් දඩ

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) රුපියල් 1500 බැගින් දඩ නියම කළා.

නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචි විජේරත්න හා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ඇල්බට් නැමැති විත්තිකරුවන් දෙදෙනෙකුට එලෙස දඩම නියම කරනු ලැබුවා.

අදාළ විත්තිකරුවන් දෙදෙනා රාත්‍රී කාලයේ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ දැන්වීම් අලවමින් සිටියදී මුර සංචාරක පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ද පැමිණිල්ල මෙහෙය වූ පොලිස් නිලධාරියා අධිකරණයට දන්වා සිටියා.

මැතිවරණ නීතිරීති අනුව අනවසර ස්ථානවල දේශපාලන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී කටයුත්තක් බව ද විමර්ශන නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයන් දෙදෙනා වරද පිළිගන්නා බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරයා එක් විත්තිකරුවකුට රුපියල් 1500ක් බැගින් රුපියල් 3000 දඩයක් නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14