spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුණු සැර වැදී පුද්ගලයෙක් මිය ගිහින්

පැවති අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් ගලෙන්බිඳුනුවැව, කුඩාගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (05) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අකුණු සැර වැදීමෙන් පසු එම පුද්ගලයා ගලෙන්බිදුනුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ දේහය ගලෙන්බිඳුනුවැව ග්‍රාමීය රෝහල් මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?