spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අක්ෂි රෝහලේ සැත්කම් නවතී (වීඩියෝ)

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝගීන් සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා ඇති වූ බව කියන Prednisolone ඖෂධය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා ඇති බවයි.

අදාළ ඖෂධය ඉවත්කිරීමෙන් අනතුරුව එළඹෙන සඳුදා සිට අක්ෂි රෝහලේ කටයුතු සාමාන්‍යකරණය වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ඔහු කියාසිටියේ.

https://www.youtube.com/watch?v=p6r9V8PCsxA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?