අක්කර 36,000ක අලුතින් පොල් වගා කිරීමට සැලසුමක්

මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000 අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතීත්වයෙන් පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීම සිදුකරමින් පවතින බවත්, එමගින් අක්කර 05ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබාදෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසුවා.

ඒ අනුව එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රුපියල් 9,500ක් වන කිලෝග්‍රෑම් 50 පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම 2025 වසරේ දී මෙරට පොල් වගාව සඳහා ඉලක්කය පොල් ගෙඩි මිලියන 2,875ක් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

එසේම ග්‍ලයිෆොසේට් වැඩි වශයෙන් යෙදීම ඇතුළු හේතු නිසා ශ්‍රී ලංකාවේ තේ සහ කුරුදුවල ඉහළ ගුණාත්මක බව අඩුවීමේ තර්ජනයක් පවතින බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්බවත් මෙහිදී සාකච්ඡා වුණා.

තේ පොහොරවල ප්‍රමිතිය, කජු වගාවේ ප්‍රවර්ධනය ඇතුළු මෙම අමාත්‍යාංශයට අදාළ වන ගැටලු මෙහිදී මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51