තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මොණරාගල ගල්ගෙඩියාව ප්‍රදේශයේ අක්කර 1 1/2 ක පමණ භූමියක වගා කර තිබූ ගංජා හේනක් වටලා එහි තිබූ අඩි 06 ක් පමණ උසට වැවී තිබූ ගංජා ගස් 3000 ක් පමණ සොයා ගෙන තිබේ.
ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර , නඩු භාණ්ඩ වශයෙන් ඉන් කොටසක් මොණරාගල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත .
මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි













