අකර්මණ්‍ය ණය අනුපාතකයෙන් බංග්ලාදේශය ලොව දෙවැනි තැනට

ගෝලීය වශයෙන් සිදුවූ ආර්ථික පසුබෑම් සහ දේශීය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා හමුවේ, යුද පීඩිත යුක්රේනයට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවැනියට ඉහළම අකර්මණ්‍ය ණය හෙවත් අයකකරගත නොහැකි වූ පැහැර හරින ලද ණය (Non-Performing Loan – NPL) අනුපාතය සහිත රට බවට බංග්ලාදේශය පත්ව ඇති බව ‘ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ පුවත්පත වාර්තා කරයි. බංග්ලාදේශයේ සමස්ත බැංකු ණයවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පැහැර හරින ලද ණය ගණයට වැටී තිබෙනවා.

නවතම බැංකු දත්තවලට අනුව, වත්මන් යුදමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකය බිඳවැටී ඇති යුක්රේනය 37.35%ක NPL අනුපාතයක් සමඟ ලෝක ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර, බංග්ලාදේශය 32.26%ක NPL අනුපාතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

චැඩ් රාජ්‍යය (31.51%) සහ ගිනියාව (31.15%) පිළිවෙළින් ඊළඟ ස්ථානවල පසුවනවා.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) රටවල් අතරින් ද බංග්ලාදේශය ඉහළම NPL අනුපාතය වාර්තා කර ඇති අතර, එය අසල්වැසි රටවලට වඩා 6 සිට 15 ගුණයක් දක්වා ඉහළ අගයක්.

කලාපයේ අනෙකුත් රටවල අකර්මණ්‍ය ණය අනුපාතයන් පහත පරිදි වනවා:

  • ඉන්දියාව: 2.2%
  • භූතානය: 4.5%
  • මාලදිවයින: 5.5%
  • නේපාලය: 5.6%
  • පාකිස්ථානය: 5.8%
  • ශ්‍රී ලංකාව: 6.5%

බංග්ලාදේශ බැංකු දත්තවලට අනුව, වසරේ මුල් මාස තුන තුළ පමණක් අකර්මණ්‍ය ණය ප්‍රමාණය ටකා බිලියන 310කින් ඉහළ ගොස් ඇති අතර, සමස්ත පැහැර හරින ලද ණය ප්‍රමාණය ටකා ට්‍රිලියන 5.89ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සහ විශේෂිත ගිණුම් ද ඇතුළත් කළ විට, සමස්ත පීඩනයට ලක්වූ වත්කම් ප්‍රමාණය ටකා ට්‍රිලියන 11.2ක් දක්වා ඉහළ යන අතර, එය සමස්ත බැංකු ණය පද්ධතියෙන් 61%ක් තරම් අතිදැවැන්ත ප්‍රමාණයක්.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බංග්ලාදේශ මහ බැංකු අධිපති මොහොමඩ් මුස්තාකුර් රහ්මාන් විසින් මාස 18ක විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ යටතේ 2027 වන විට ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවලට අනුව ‘අපේක්ෂිත ණය අලාභ’ ක්‍රමවේදය හඳුන්වා දීමටත්, මාස 6ක් ඇතුළත නඩු විසඳිය හැකි නව ණය අධිකරණ පනතක් සහ අවදානමක් සහිත වත්කම් කළමනාකරණය සඳහා වෙනම සමාගම් පිහිටුවීමට අදාළ පනතක් කඩිනමින් සම්මත කිරීමටත් රජය සැලසුම් කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57