අංගනාවන්ගේ පහස ලැබීමට ගිය පුද්ගලයාට අවසානයේ අත් වූ ඉරණම

රාජගිරියේ කොටා පාරේ, අතුරු මාර්ගයකදී වීදි ගණිකාවකගේ පහස ලැබීමට ගිය පුද්ගලයකුගේ ගෙල බැඳි රුපියල් එක්ලක්‍ෂ තිස්දහසක් වටිනා රන්මාලයක් කොල්ලකා පලාගිය දෙදෙනකු සොයා විමර්ශනයක් කරන බව වැලිකඩ පොලිසිය පවසයි.

ඉකුත් දා රාත්‍රි රාජගිරියේ කොටා පාර ප්‍රදේශයේ සේවය නිමවා නිවෙස බලා යමින් සිටි මෙම පුද්ගලයාට මහමඟ රැඳී සිටි වීදි ගණිකාවක් හමුවී ඇති අතර පසුව ඇය හා කුලුපගවී පහස ලැබීමට යාබද අතුරු මාර්ගයකට මෙසේ ගොස් ඇතැයි පැවසෙනවා. පසුව දෙදෙනා එම මාර්ගයේ රැඳී සිටියදී එක්වරම දෙපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම පුද්ගලයාට පහරදීමට තැත් කර ඇති අතර ඒ අතරතුරදී එහි සිටි එක් අයකු පැමිණිලිකරුගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගොස් තිබෙනවා. 

පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක් පරීක්‍ෂා කොට, ඉන් හඳුනාගත් වීදි ගණිකාවක් බව පැවැසෙන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ සිද්ධිය සැලසුම් සහගතව කළ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඒ අනුව කොල්ල කන ලද රන් මාලය රුපියල් ලක්‍ෂයකට බොරැල්ල ප්‍රදේශයේ අලෙවිසලකට උකස් කර තිබියදී සොයාගත් බවත්, එම මුදල් වැය කොට සැකකාරිය සැකකරුවන් දෙදෙනා හා එක්ව හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි.

 සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දෙදෙනකු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පැවසෙනවා. හෙරොයින් පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් සැකකාරිය මෙසේ වීදි ගණිකාවක් ලෙස කටයුතු කරන අතරතුරදී ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් හා දේපළ කොල්ලකෑමට සැකකරුවන් ක්‍රියාකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43