ෆේස්බුක් සමාගම අළුත් නම ලොවට හෙළි කරයි

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා සමාගමක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර තිබෙනවා.

සිය සමාගම ප්‍රති සන්නාම ගත කිරිමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් එලෙස නම වෙනස් කිරිමට පියවර ගෙන ඇති බව සඳහන්.

සමාජ මාධ්‍ය යන භූමිකාවෙන් ඔබ්බට ගොස් අතථ්‍ය යථාර්ථය (virtual reality) වැනි කේෂ්ත්‍රය දක්වා ඉදිරියේදී පුළුල් කිරිමට තීරණය කිරිම නිසා මෙය වැදගත් වන බවයි.

මෙම නම් වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි යෙදුම් සඳහා අදාළ නොවන අතර, එම යෙදුම් අයත් මව් සමාගමේ නම පමණක් වෙනස් කිරීම සිදුවේ.

ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් නිකුත් කරන ලද ලේඛන මත පදනම් ව ෆේස්බුක් සමාගම පිළිබඳව ලොවපුරා සෘණාත්මක දැක්මක් ඇතිවීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.

ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් නව නම ප්‍රකාශයට පත් කර සිටියා.

“මෙටාවර්ස්” ලෙස නම් කිරීමේ සැලසුම් එළිදක්වමින් ඔහු සඳහන් කළේ මිනිසුන්ට ක්‍රීඩා කිරීමට, වැඩ කිරීමට සහ අථත්‍ය පරිසරයක සන්නිවේදනය කළ හැකි, බොහෝ විට VR (virtual reality) හෙඩ්සෙට් භාවිතා කළ හැකි මාර්ගගත ලෝකයක් මෙයින් හුවා දැක්වෙන බවයි.

දැනට සමාගමේ පවතින සන්නාම නාමයට “අනාගතයේදී පමණක් නොව අද අප කරන සෑම දෙයක්ම නිරූපණය කළ නොහැකි” බවත්, එය වෙනස් කළ යුතු බවද ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40